ජ්‍යෙෂ්ඨ කළමනාකරු
ආවරණය වන දිස්ත්‍රික්ක
යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ ්‍රිකුණාමලය
ප්‍රධාන කළමනාකරු
ආවරණය වන දිස්ත්‍රික්ක
මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ කෑගල්ල
ජ්‍යෙෂ්ඨ කළමනාකරු
ආවරණය වන දිස්ත්‍රික්ක
මොණරාගල, රත්නපුර
ශ්‍රී ලංකාවේ පළාත් නවයකම අපගේ භෞතික සපැමිණීම සනිටුහන් කළෙමු. වසර අවසානය වනවිට, දිවයින පුරා අපගේ පාරිභෝගිකයන්ට ශාඛා 104ක, සේවා මධ්‍යස්ථාන 99ක සහ රන් ණය මධ්‍යස්ථාන 41කගේ සේවාවන් ලබා ගත හැකි විය. වසර අතරතුර ශාඛා කිහිපයක් වැඩිදියුණු කරන ලදුව ඒවා පිහිටි ප්‍රදේශය තුළම වඩාත් ඉඩ පහසුකම් ඇති ප්‍රමුඛතාවකින් යුතු ස්ථාන වෙත ගෙන යන ලදී. කොවිඩ්-19 වසංගතය ආරම්භයත් සමග සෞඛ්‍ය සහ ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම සඳහා පාරිභෝගිකයන්ගේ සංචලනය සීමා කළ යුතුව තිබුණු බැවින් අපගේ ඩිජිටල්කරණ ක්‍රියාදාමය වේගවත් විය. වසංගත තත්ත්වය නිසා ඇති වූ අවිනිශ්චිතතාවයන් හේතුවෙන් අපි මෙම වසරේ අපගේ ශාඛා ජාලය පුළුල් කිරීම සීමා කිරීමට කටයුතු කළෙමු. අපගේ ව්‍යාප්තිය පුළුල් කිරීම සඳහා අප විසින් යොදාගත් උපායමාර්ගය වූයේ භෞතිකව ශාඛාවන් වෙත පියනැගීමට අවශ්‍ය නොවන සවිබල ගන්වන ලද ඩිජිටල් පිවිසුම් හරහා දැනට පවතින ශාඛා ජාලය සහ සේවා මධ්‍යස්ථාන ජාලය ඒකාබද්ධ කිරීමයි. අපගේ ප්‍රධාන කාර්යාලය සහ ශාඛාවන්වල අපගේ ගනුදෙනුකරුවන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කිරීම මෙම වසරේ ඉතා වැදගත් විය. කොවිඩ්-19 වසංගතය පැතිරීම මැඩපැවැත්වීම සඳහා රජය විසින් නියම කරන ලද සෞඛ්‍ය සහ ආරක්ෂණ විධිවිධානවලට අනුකූලව අපගේ සියලුම ශාඛාව සහ සේවා මධ්‍යස්ථාන කටයුතු කරයි.
වැඩි විස්තර සඳහා සිතියම මත ක්ලික් කරන්න.