මගේ ඉතුරුම් ගිණුම් පොත නැති වුවහොත් මා කුමක් කළ යුතුද?
ඕනෑම ගනුදෙනුවක් සිදු කිරීම සඳහා ඔබට ඉතුරුම් ගිණුම්පොත අවශ්‍ය වේ. එවැනි අවස්ථාවන්හිදී තැන්පත්කරුගේ/කරුවන්ගේ ඉල්ලීම් ලිපිය සමග නිවැරදිව පුරවා නොතාරිස්වරයකු/සාම විනිසුරුවරයකු ලවා සහතික කරවාගන්නා ලද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මගින් ගිණුම්පොතේ අනුපිටපතක් ඉල්ලා සිටිය හැක (දිවුරුම් ප්‍රකාශයේ ආකෘතියක් සමාගමෙන් ලබා ගත හැක).